මෙහෙමයි කතාව සිද්ධ වෙන්නෙ, ජලගැල්මක් වෙන්න යනවා කියලා සත්තුන්ට අනතුරු ඇඟවීමක් ලැබෙනවා. එයින් බේරෙන්නනම් ලොව පුරා ඉන්න හැම සතෙකුටම එක තැනකට රැස් වෙන්න කියලා දැනුම් දෙනවා. ඉතින් සෑම සතෙකුම මෙතැනට රැස් වෙනවා. හැබැයි සමහර සතුන්ව නැවට ගන්නෙ නෑ, උන්ව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප වෙන දෙන්නෙක් තමයි ෆිනී සහ ඔහුගෙ තාත්තා. ඔවුන් නෙස්ට්‍රියන් යන සත්ව වර්ගයට අයත්. නෙස්ට්‍රියන් යන සත්ව කොට්ඨාසය සෑම තැනකම වගේ ඉතා අලංකාරවත් නිවසක් හදාගන්න දක්ෂතාවයෙන් යුතුයි. ඉතින් මේ ප්‍රතික්ෂේප වීම ගැන දැනගත්තම ෆිනී ගොඩක් දුක් වෙනවා. නමුත් ඔහුගෙ තාත්තා පොරොන්දු වෙනවා ෆිනීව නැවේ ගෙනියනවමයි කියලා.
ඉතින් බලන්න, මේ උත්සහයෙදි ඔවුන්ට මොන මොන දේ කරන්න වේවිද? ඔවුන් සාර්ථක වේවිද? ෆිනීගේ තාත්තා ෆිනීට දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකි වේවිද කියා. කතාව ඇතිනෙ. දැන් අමතර කරුණක් කියන්න කැමතියි. මා මේ චිත්‍රපටය දකින විදිහට හුදෙක් විනෝදය සඳහා සෑදු චිත්‍රපටයකි.

0 comments:
Post a Comment