SSD Hard disk භාවිතා කරමුද?
සාමාන්‍යයෙන් දෘඩ තැටියක් නැතහොත් Hard disk එකකින් සිදු කරනු ලබන්නේ පරිගනකයක ඇති දත්ත ගබඩා කර තබා ගැනීමයි. මෙලෙස සාමාන්‍ය දෘඩ තැටියක් නැතහොත් Hard diskඑකක සිදුවන්නේ එහි අන්තර්ගතව තිබෙන තැටි හෙවත් ප්ලැටර්ස් තුල දත්ත ලිවීමයි. එසේම මෙම තැටිවල දත්ත ලිවීමට විශේෂිත වූ චුම්භක හිස් භාවිතා කරනු ලබයි මෙම චුම්භක හිස් තැටි වලට ඉහලින් පිහිටා ඇත. මෙම තැටි වේගයෙන් කැරකැවෙන අතර (මෙම තැටි කැරකැවෙන වේගය Hard disk එකකRPM එක ලෙස හැදින් වෙයි )එවිට චුම්භක හිස් මගින් තැටි තුල ඇති චුම්භක ක්ෂේත්‍ර වෙනස් කරමින් එම තැටි තුල දත්ත පිටපත් කරනු ලබයි. මෙලෙස චලනය වන චුම්භක තැටි නොමැති ඉලෙක්ට්‍රොනික් (Volotile) මතක භාවිතා කරන දෘඩ තැටි SSD(Solid State Drive) ලෙස හදුන් වනු ලබයි. SSD Hard disk මිලෙන් ඉතා ඉහල අතර ඉතා වේගයෙන් දත්ත හුවමාරු කල හැක.

0 comments:
Post a Comment